Friday, June 25, 2010

2010 ආසියානු කුසලානයත් ඉවරයි .


2010 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයත්
ඊයේ (2010-06-24) රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීරීඩාංගනයේදී පැවැත්විණි.
පෙර තරග වලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අවසන් තරගය සදහා ඉතා පහසුවෙන් තේරිණි.
මුලින් පහර දුන් ඉන්දියානු පිළ පන්දු වාර සියල්ල අවසානයේදී කඩුලු 6 ක් පමණක් දැවී
අගනා ලකුණු 268 ක් රැස් කර ගත්හ.
ලකුණු 269 ක ඉලක්කයක් අභියසදී අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා පිළට පන්දු වාර 44.4 ක්
තුළදී සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.
කණ්ඩම්බි‍ 31 (45)
කපුගෙදර 55 (88)
සංගක්කාර 17 (38)
කුලසේකර 20 (16)

Monday, June 14, 2010

පාපන්දු ලෝක කුසලානය 2010

නැවතත් පාපන්දු උන්මාදය ලොව පුරාම පැතිරිලා.ඒ ෆිෆා ලෝක කුසලාන තරගාවලිය
සමගින්. මෙවර පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදී.
තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට රටවල් 199ක් තරග කල අතර තරගාවලිය සදහා ඉන්
රටවල් 32ක් සුදුසුකම් ලැබුවා.
තරගාවලිය පසුගිය ජුනි 11 දින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි සොකර් සිටි
ක්‍රීඩාංගනෙය්දී ආරම්භ කරනු ලැබුවා.
මේ වන විටත් තරග කිහිපයක් පවත්වා අවසන්.ලොව විශාලමතම කලාපයක් වුවත් ආසියානු
කලාපයෙන් මෙවර සුදුසුකමි ලැබුවේ
ජපානය
උතුරු කොරියාව
දකුණු කොරියාව
යන රටවල් 3 පමණයි.