Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

Friday, January 11, 2013

ඇවිත් යන්න

දුරස් උනත්
 නෙත නොදන්න
සිතක් ඇතත්
 පුද ලතැවෙන
පවන් වගේ
 දැවටෙන්නට
කියා දෙන්න
 ඇවිත් යන්න..

Friday, February 10, 2012

සිතින් ආපසු...

ඒ හදිසි දුරකතන ඇමතුම මා දෙනෙතට කඳුළු නොඉනුවාම නොවේ.එහෙත් එය ඊටත් වඩා ඈතට ගිය මතකයන් මසිතින් අවදි කරවනු ලැබීය.
"පුතා අදත් ඉඳල හෙට උදෙන්ම යන්න."
එහි ගොස් එන සෑම විටම ඇය එසේ පවසයි.මා බොහහෝ විට එහි නතරවනුයේ ඇගේ පෙරැත්තයෙනි.ඈ මගේ හොඳම මිතුරාගේ මව වුවද මා මගේම මවමෙන් සලකන ලදී.එම නිවසින් පිටව එන එකඳු මොහොතක හෝ ඇගේ දෙපා වැඳිමට මා අමතක කළේ නැත.මින් තෙසතියකට පෙරද එසේමය.එහෙත් මින් මතුවට එසේ නොවෙනු ඇත.
මිතුර ප්‍රසන්න,
ඔබ එය හොදින්ම දන්නවා ඇත.නොහඬන්' මෙය ඔබට මෙන්ම මටද මහත් ශෝකයකි.