Saturday, July 3, 2010

ෆිෆා 2010 තරග 57 - 58

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව ව‍ට තරග 2 ක් ඊයේ (2) දිනයේදී පැවැත්විණි.
ඉන් පළමු තරගය නෙදර්ලන්තය හා බ්‍රසීලය අතර පැවැත්විණි‍.නෙදර්ලන්ත කණ්ඩායම 2:1 ක් ලෙස
ජයගනිමින් අවසන් පූර්ව ව‍ටය සදහා සුදුසුකම් ලැබීය.නෙදර්ලන්තය වෙනුවෙන් ෆිලිප් මෙලෝ (53') සහ
වෙස්ලි ස්නේජර් (68')
ද, බ්‍රසීලය වෙනුවෙන්‍ රොබිනෝ (10') ද ගෝලය බැගින් ලබා ගත්හ.
ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළේ ජපානයේ යුයිචි නිෂිමුරා ය.
නෙදර්ලන්තයබ්‍රසීලය
2ගෝල1
10ප්‍රහාර1
4කෝනර් ප්‍රහාර8
4කහ පත්1
0රතු පත්1
51%හිමිකම%49%

දෙවෙනි තරගය උරුගුවේ හා ඝානාව අතර පැවැත්විණි.මෙ‍ම තරගයේ ප්‍රතිපලය 4:2 (1:1 a.e.t. (1:1,1:1) PSO) ලෙස සටහන් කරමින් උරුගුවේ
කණ්ඩායම ජය ගනු ලැබුවා.තරගාවලියේ මෙතෙක් ඉතිරිව සිටි එකම අප්‍රිකානු වූ ඝානාවටද ඒ අනුව අවසන්
තරගයේ අවස්ථාව අහිමි වුණා‍.ඩියගෝ ෆෝලන් (55') උරුගුවේ වෙනුවෙන් ද, සුලේ මුන්ටාරී (45'+2)
ඝානාව වෙනුවෙන් ද ගෝලය බැගින් ලබා ගත්හ.







උරුගුවේඝානාව
1ගෝල1
19ප්‍රහාර30
12කෝනර් ප්‍රහාර8
3කහ පත්3
1රතු පත්0
48%හිමිකම52%


මෙ‍ම වටයේ ඉතිරි තරග දෙක ආජන්ටිනාව හා ජර්මනිය ( 59 තරගය ) අතර සහ පැරගුවේ හා ස්පාඤ්ඤය ( 60 තරගය ) අතර
අද දිනයේදී පැවැත්වේ.

No comments:

Post a Comment